ආපු සෙට් එක...

Saturday, September 10, 2016

Apple i phone 7 සහ 7 plus හන්දුන්වාදෙයි

Introducing Apple iPhone 7

ඇපල් අයිෆෝන් 7 සහ 7 Plus නිකුත්වෙයි

ඇපල් අයිෆෝන් වලට ආදරය කරන සියළුදෙනාට ගිය බදදා රාත්‍රිය ඉතාමත් විශේෂයි.  

ඒ මෙම වසරේ ඇපල් සමාගම විසින් නිකුත් කරන නව ස්මාර්ට් ජංගම දුරකතනය විශේෂ සජීවී වැඩ සටහනක් මගින් හදුන්වාදීමයි.

  මොනවද අලුතෙන් අයිෆොන් 7 හි ඇතුලත් වෙන්නේ ?

*අයිෆොන් 7 Plus වලදී පිටුපස 12 Mp කැමරා දෙකක් ඇතුලත් අතර එකක් Telephoto කැමරා ලෙන්ස් එකකි. ඉදිරිපස සෙල්ෆි ගැනීමට7 MP කැමරාවක්ද ඇතුලත් වෙනවා.  ඒ අනුව telephotoකැමරා ලෙන්ස් එක මාර්ගයෙන්10x zoom කොට ඡායාරූප ඉතා පැහැදිලිව ලබාගත හැක. එමෙන්ම DSLR කැමරාවල පැමිණෙන පුද්ගල ඡායාරූප ගැනීමේදී පිටුපස බොඳ වන තාක්ෂණය පළමුවරට ජංගම දුරකතනයක් සඳහා හඳුන්වා දීමට ඇපල් සමාගමට හැකිව තිබේ.

*අයිෆෝන් 6S වලට වඩා වැඩි කාලයක් පවතින බැටරිය.

*රැහැන් රහිත AirPods 2ක් හදුන්වාදීම.
( මෙය ආරෝපණයෙන් පසු පැය 5 ක කාලයක් ක්‍රියාත්මක වේ )

*3.5mm Audio Jack port එක අයිෆෝන් 7 සහ 7 Plus වලදී දක්නට නොලැබෙයි. Ear Phoneසම්බන්ධ කරන්නේ Data Cable Port එකටමයි. ඒ සදහා විශේෂAudio Cable එකක් හදුන්වාදී තිබෙනවා.

*Four-Core ප්‍රොසෙසරයක් සහ A10චිප් සෙට් එකක් අඩංගු වෙනවා.6s වලට වඩා 40% ක් වේගවත්ය. තවද මෙහි විශේෂත්වය වන්නේ ඉතාම මෙය ක්‍රියාත්මක වීම සඳහා ඉතාම අඩු බැටරි බලයක් අවශ්‍ය වීමයි.අයිෆෝන් 6s හි තිබු රෙටිනා HDතිරයේ දීප්තිය 25% වැඩිකොට තිබේ.අයි ෆෝන් 7 හි ධාරිතාවය දෙගුණ කොට තිබේ. ඒ අනුව දැන් ඔබට අයි ෆෝන් 7 මිලදිගනු හැක්කේ32gb, 128gb, 256gb යන ධාරිතා වලිනි.නව අයි ෆෝන් 7 ජලයට හා දූවිල්ලට ඔරොත්තු දේ.ඇපල් අයි ෆෝන් නව හෝම් බටනය දැන් Tapatic Engine එකක් සමග පැමිණේ. ඒ අනුව වෙනදාටත් වඩා වැඩි කාර්යන් කොටසක් සඳහා හෝම් බටනය සකසා ගත හැක.

අයිෆෝන් 7 ලෝක වෙළඳපොල තුල$649 ක් ද iPhone 7 Plus $769 ලෙස ඇපල් වෙබ් අඩවිය විසින් දක්වා තිබෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.

Posted by; <<ලොමික ඩිලාන්>>

1 comment:
Write comments

Services

More Services

Join us on Facebook

Please wait..10 Secofrands Close
© 2014 අපි TEKKO. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.