ආපු සෙට් එක...

Sunday, September 11, 2016

Computer Introducing Part 1


පරිඝණක හැඳින්වීම...




පරිඝණකයක් යනු - විද්‍යුත් හා විද්‍යුත් නොවන කොටස් වලින් සමන්විත එලෙක්ට්‍රොනික උපකරණයකි.එමෙන්ම දත්ත ආර්ථාන්විත තොරතුරු බවට පත්කරන විද්‍යුත් ඉලෙක්ට්‍රොණ උපකරණ ලෙසද හැඳින්විය හැක.


මේ පින්තූරයේ තිබෙන්නේ පරිඝණකයක අඩංගු කොටස් බව ඔබට පෙනෙනවා ඇති. 


පරිඝනකයක අඩංගු කොටස්...



මද්‍යම සැකසුම් ඒකකය -  CPU (Central Processing Unit)


                                                                                                       පරිඝනකයට දත්ත ඇතුලත් කල පසු දත්ත පිටපත ලබාගන්නා තෙක් ඒ ආශ්‍රිත සියලුම කාර්යයන් ඉටු කරනුයේ මෙම කොටස මගින්ය. මෙම කොටස මිලෙන්ද ඉහල අගයක් ගනී.
                                                                  

තිරය - Monitor


Image result for Monitor


මෙය ප්‍රතිදාන උපකරණයක් වන අතර දත්ත ඇතුලත් කිරීමේ දෝශයක් ඇත්නම් මේ මගින් පහසුවෙන් බලා ගත හැකිය. මුද්‍රිත පිටපත් ලබාගැනීමට ප්‍රතමයෙන් ඒවායේ නිවැරදිතාවය පරීක්ශා කිරීමටද හැකියාවක් ලැබේ. සිදුකරනා ලද සෑම කාරයක්ම නිවැරදිව බලා ගැනීමට මෙම උපකරණය අත්‍යාවශ්‍ය වේ...

යතුරු පුවරුව (Keyboard)


Image result for Key Board



යතුරු ලියනයක පෙනුම ඇති මෙම උපකරණය පරිඝනකයට දත්ත ඇතුලත් කිරීම සඳහා බාවිතා කරයි. 0-9 දක්වා සංක්‍යාත්, A - Z දක්වා අකුරුත්, මීට අමතරව සංකේතත් මේ මගින් ටයිප් කරගත හැක. මෙය ආදාන දෘඩාංග වලට අයත් උපකරණයකි.

මූසිකය - Mouse

Image result for mouse

මෙයද පරිඝනකයට දත්ත ඇතුලත් කිරීම සඳහා භාවිත කරන උපකරණයකි. පරිඝණකයට Mouse එකක් සම්බන්ද කර ඇත්නම් තිරය මත Mouse pointer එක දැක ගත හැකිය. සමතලා ප්‍රදේශයක Mouse එක එහා මෙහා රැගෙන යනවිට ඊට අනුපූරකව Mouse Pointer එකද වෙනස් වේ.


මුද්‍රණ යන්ත්‍රය - Printer


Image result for printer

පරිඝණකයට ඇතුලත් කරන ලද දත්ත සකස් කල පසු මුද්‍රිත පිටපත් ලබා ගැනීම සඳහා මෙම උපකරණය බාවිතා කරයි.වර්තමාන බාවිතයේ විවිද වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර පවතී.මේවා එකිනෙකට වෙනස් වන්නේ භාවිත කරන තාක්ශණය අනුවය. මේ වන විට වෙලඳපොලේ ත්‍රිමාණ මුද්‍රන යන්ත්‍රද (3D Printers) බලා ගත හැකිය.


ස්කෑනරය - Scanner


Image result for scanner

අපට අවශ්‍ය චායාරූප, රූප සටහන්, ආදිය පරිඝණකයට ඇතුලත් කිරීම සඳහා බොහෝවිට ස්කෑනරය බාවිතා කරයි.මීට අමතරව ලිපි ලේඛන ආදියද පරිඝණකයට ඇතුල්කිරීමට ස්කෑනරය භාවිතා කල හැක.



පලවෙනි පාඩම ඉවරයි...
ඔයාල හැමෝටම සුබ දවසක්.






1 comment:
Write comments

Services

More Services

Join us on Facebook

Please wait..10 Secofrands Close
© 2014 අපි TEKKO. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.