ආපු සෙට් එක...

Tuesday, September 27, 2016

Snap Tube - Video Downloader for Android

ෆෝන් එකෙන් යූටියුබ්, ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.
















____________________________________

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් play storeඑකේ නෑ.තියෙන ඇප්ස් ගොඩක් දුරට

වැඩ කරන්නේ නෑ. ඉතින් අපි හදුන්වාදෙනවා ඒ සදහා දැනට පිටින් ඩවුන්ලෝඩ් කරලා බාවිතා කරන්න ඇති හොදම ඇප් එක. පහත සියළුම වෙබ් අඩවිවල වීඩියෝ මේ ඇප් එක මගින් බාගන්න පුලූවන්.
           

youtube.com
facebook.com
instagram.com
vevo.com
whatsappdaily.com
dailymotion.com
vimeo.com
vine.covuclip.com
metacafe.com
liveleak.com
twitter.com
tune.pksoundcloud.com
mthai.compagalworld.com
dailytube.inmrpopat.inpinguda.com
3gpmania.cofunnyordie.com
vid.meskymovies.invideos.sapo.pt




Source ; www.aluth.com
Read More

Thursday, September 15, 2016

පෝන් එකේ ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරමු.

සුබ දවසක් යාලුවනේ ඔන්න අද මං අරගෙන ආවෙ ඔයාලගෙ පෝන් එකේ Screen එක රෙකෝර්ඩ් කරන්න ඇප් එකක්. මේක පාවිච්චිකරන කොට තේරෙයි. මේක ප්ලේස්ටෝර් එකේ තියෙනව සල්ලි දීල ගන්න ඕන. යට ලින්ක් එක ඒකෙන් බාගන්න. අපි ගියා.

                මෙතන ඔබන්න

Read More

Wednesday, September 14, 2016

ඩිරෙක්ට් ෆිල්ම් බාන්න පට්ටම සයිට් එකක්.

ඩිරෙක්ට් ෆිල්ම් බාන්න පට්ටම සයිට් එකක්.






ඔන්න බොස්කලා අද මන් අරගෙන ආවෙ ඩිරෙක්ට් ෆිල්ම් ඒම බාන්න සයිට් එකක්. මේකෙ HD ෆිල්ම්ස් එහෙමත් තියේ. දැනටත් අපි ෆිල්ම් බාන්නෙ Torrent වලින් නෙ. Torrent මෙලෝ ස්පීඩ් එකක් නෑ කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. එහෙනම් පල්ලෙහා ලින්ක් එක ඇති. ඔන්න අපි ගියා.  ආ තව එකක් මේ ෆිල්ම් වලට හරියන සබ Baiscopelk.com එකෙන් බාගන්න පුලුවන්. එලම එහෙනම් අපි ගියා....



Read More

Monday, September 12, 2016

Short cut Virus අල්ලන අපේ කොල්ලෙක්ගෙ Software එකක්.

Pen වලින් එන Short Cut Virus අල්ලන පට්ට Software එකක්.



පෙන්ඩ්‍රයිඩ් කියන්නේ එදිනෙදා වැඩකටයුතු පහසුකරන අපි නිතර බාවිතාකරන මෙවලමක්. සමහර පරිගණකවලට මෙය


සම්බන්ධ කිරීමෙන් වයිරස් ඇතුලු වීම් සිදු වෙනවා. පෙන් එකේ ඇති ෆෝල්ඩර් සහ ෆයිල් ශෝර්ට්කට් ලෙස පෙන්වීම ජනප්‍රියම වයිරස් එකක්. මේවගේ වෙලාවට පෙන් එකේ ඇති දත්ත සාමාන්‍ය ක්‍රමයට නැවත ගැනීම කලනොහැකියි. එම වයිරස් සියල්ල ඉවත්කර පෙන් එකේ ඇති ෆයිල් සියල්ල තිබූ ලෙසම ආරක්ෂාකර ලබාදෙන මෘදුකාංගයක් නිපදවීමට අපේ රටේ පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.






Source Aluth.com
Read More

Sunday, September 11, 2016

Computer Introducing Part 1


පරිඝණක හැඳින්වීම...




පරිඝණකයක් යනු - විද්‍යුත් හා විද්‍යුත් නොවන කොටස් වලින් සමන්විත එලෙක්ට්‍රොනික උපකරණයකි.එමෙන්ම දත්ත ආර්ථාන්විත තොරතුරු බවට පත්කරන විද්‍යුත් ඉලෙක්ට්‍රොණ උපකරණ ලෙසද හැඳින්විය හැක.


මේ පින්තූරයේ තිබෙන්නේ පරිඝණකයක අඩංගු කොටස් බව ඔබට පෙනෙනවා ඇති. 


පරිඝනකයක අඩංගු කොටස්...



මද්‍යම සැකසුම් ඒකකය -  CPU (Central Processing Unit)


                                                                                                       පරිඝනකයට දත්ත ඇතුලත් කල පසු දත්ත පිටපත ලබාගන්නා තෙක් ඒ ආශ්‍රිත සියලුම කාර්යයන් ඉටු කරනුයේ මෙම කොටස මගින්ය. මෙම කොටස මිලෙන්ද ඉහල අගයක් ගනී.
                                                                  

තිරය - Monitor


Image result for Monitor


මෙය ප්‍රතිදාන උපකරණයක් වන අතර දත්ත ඇතුලත් කිරීමේ දෝශයක් ඇත්නම් මේ මගින් පහසුවෙන් බලා ගත හැකිය. මුද්‍රිත පිටපත් ලබාගැනීමට ප්‍රතමයෙන් ඒවායේ නිවැරදිතාවය පරීක්ශා කිරීමටද හැකියාවක් ලැබේ. සිදුකරනා ලද සෑම කාරයක්ම නිවැරදිව බලා ගැනීමට මෙම උපකරණය අත්‍යාවශ්‍ය වේ...

යතුරු පුවරුව (Keyboard)


Image result for Key Board



යතුරු ලියනයක පෙනුම ඇති මෙම උපකරණය පරිඝනකයට දත්ත ඇතුලත් කිරීම සඳහා බාවිතා කරයි. 0-9 දක්වා සංක්‍යාත්, A - Z දක්වා අකුරුත්, මීට අමතරව සංකේතත් මේ මගින් ටයිප් කරගත හැක. මෙය ආදාන දෘඩාංග වලට අයත් උපකරණයකි.

මූසිකය - Mouse

Image result for mouse

මෙයද පරිඝනකයට දත්ත ඇතුලත් කිරීම සඳහා භාවිත කරන උපකරණයකි. පරිඝණකයට Mouse එකක් සම්බන්ද කර ඇත්නම් තිරය මත Mouse pointer එක දැක ගත හැකිය. සමතලා ප්‍රදේශයක Mouse එක එහා මෙහා රැගෙන යනවිට ඊට අනුපූරකව Mouse Pointer එකද වෙනස් වේ.


මුද්‍රණ යන්ත්‍රය - Printer


Image result for printer

පරිඝණකයට ඇතුලත් කරන ලද දත්ත සකස් කල පසු මුද්‍රිත පිටපත් ලබා ගැනීම සඳහා මෙම උපකරණය බාවිතා කරයි.වර්තමාන බාවිතයේ විවිද වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර පවතී.මේවා එකිනෙකට වෙනස් වන්නේ භාවිත කරන තාක්ශණය අනුවය. මේ වන විට වෙලඳපොලේ ත්‍රිමාණ මුද්‍රන යන්ත්‍රද (3D Printers) බලා ගත හැකිය.


ස්කෑනරය - Scanner


Image result for scanner

අපට අවශ්‍ය චායාරූප, රූප සටහන්, ආදිය පරිඝණකයට ඇතුලත් කිරීම සඳහා බොහෝවිට ස්කෑනරය බාවිතා කරයි.මීට අමතරව ලිපි ලේඛන ආදියද පරිඝණකයට ඇතුල්කිරීමට ස්කෑනරය භාවිතා කල හැක.



පලවෙනි පාඩම ඉවරයි...
ඔයාල හැමෝටම සුබ දවසක්.






Read More

Saturday, September 10, 2016

CLASH OF CLANS(online game)

ලංකාවේ මේ දවස්වල වැඩිපුරම කතාවෙන ගේම් එක වෙලා තියෙන්නෙ Pokemon GO උනාට Pokemon උන්මාදය පැතිරෙන්න කලින් ඉඳන් ලංකාව හොල්ලගෙන ඉන්න ගේම් එක තමයි Clash of Clans. ඒ නිසා මේ COC ගේම් එක ගැනත් යමක් ගෙන ආවෙ නැත්නම් ඒක ලංකාව පුරා බොක්කෙන්ම COC ගහන කොල්ලන්ට කෙල්ලන්ට කරන අසාධාරණයක් කියල අපි හිතනව.

Clash of Clans කියන්නෙ අද වන විට ලංකාවේ සීඝ්‍රයෙන්ම පැතිරෙන ජනප්‍රියම ක්‍රීඩාවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. වයස් බේදයකින් ගැහැණු පිරිමි බේදයකින් තොරව එකසේ මේ ගේම් එකට ඇබ්බැහි වෙච්ච Clashersලා, ඒ කියන්නෙ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ක්‍රීඩා කරන පුද්ගලයො අති විශාල සංඛ්‍යාවක් අපේ රටේ ඉන්නවා.

2012 වර්ෂයේදී Supercell කියන ෆින්ලන්ත සමාගමක් විසින් තමයි මේ ක්‍රීඩාව මුල්වරට ලෝකෙට  හඳුන්වා දෙන්නෙ. අද වන විට මුලින් හඳුන්වාදීපු ගේම් එකට වඩා විශාල වෙනස්කම් රාශියක් එක්ක ලෝකෙ පුරාම අතිමහත් ජනප්‍රියත්වයක් ළඟාකරගන්න මේ ගේම් එක සමත් වෙලා තියනවා. ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දිත් ලෝකෙ පුරා මිලියන 21කට අධික පිරිසක් CoC ගහනව.

 

අන්ත්‍රාවයි! ඇබ්බැහි වන සුළුයි!  

Source – pinterest.com
ඔබ තවමත් CoC ක්‍රීඩා කරල නැතිනම් හරි ක්‍රීඩා කරන්න ආසාවක් තියනවානම් හරි මුලින්ම කියන්න ඕනෙ විශේෂ කාරණයක් තියනවා. ඒ තමයි මේ ගේම් එක හරිම ඇබ්බැහිකාරකයි කියන එක. ගේම් එක කෙරෙහි අපේ උනන්දුව දිනෙන් දින වැඩි කරන අලුත් Updates වගේම තමන්ගේ ගැන්සියක් එක්ක එකතු වෙලා සටන් වදින Clan Wars වල උද්වේගකරස්වභාවය තමයි මේ ඇබ්බැහිවීමට හේතුව.

ඒ වගේම තමයි අපේ CoC ප්ලේයර්ලගෙ ගේම් එකට තියන භක්තිය (දන්න සිංහලෙන් කියනවනම්). මේක විස්තර කරන්න තෙරෙන්නෙ නැති තරම් හරිම ඉහලයි. අපේ කොල්ලො කෙල්ලොන්ට Indian Clan එකක් War සෙට් උනාම අපේ උන් ෆෝම් වෙන විදිහ සහ උන්ට නෙලන නෙලිල්ල ගැන ඉන්දියානු ජනතාව දන්නවනම් මෙලහකට එහෙ CoC තහනම් කරල.

Source – fb.com
හැම ඇබ්බැහියකදිම වගේම COC වලට ඇබ්බැහි උන අපේ COC පිස්සන්ටත් සෙට් වෙන්න ප්‍රධාන පොට් කීපයක් තියනවා. ඒ අතරින් Clash of Clans Sri Lankan Players සහ SL Clash of Clans Players කියන ෆේස්බුක් ගෘප් ප්‍රධානයි. ගේම් එක ගැන දැනගන්න, ක්ලෑන් එකක් හොයාගන්න වගේ එකී මෙකී නොකී ඕනෙම දේකට ඔබට බොක්කෙන්ම සප් එක දෙන්න සෙට් වෙලා ඉන්න පිරිසක් මේවයෙ ඉන්නවා. ලංකාවෙ COC උණුසුම ගැන හරි අදහසක් ගන්නනම් අනිවා මේ කියන ගෘප් එකකට එකතු වෙලාම බලන්න වෙනවා.

 

1. මොකද්ද ඔච්චරටම මේකෙ තියන ආතල් එක?

Source – thestrayrussianblue.wordpress.com
ක්ලෑෂර් කෙනෙක් නොවෙන කෙනෙකුට ඇති වෙන්න පුලුවන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේකෙ මෙච්චරටම තියන මෙවුවා එක කියල හිතෙන එක. ගේම් එක ගහන්නෙ නැති කෙනෙක් පිටින් මේක දිහා බලපුවාම ටිකක් විකාර ගතියක් පේන්න තියන ඉඩ වැඩියි. පියාඹන මකරු, දුනුවායො සහ අමුතු බිල්ඩින් එක්ක ටිකක් විතර කාටූන් ගතියට හුරු ගේම් එකක පෙනුම තමයි දකින්න ලැබෙන්නෙ. තරමක් විතර අපි ඒ කාලෙ ක්‍රීඩා කරපු Age of Empires, Dune II, Command & Conquer වගේ RTS (Real time strategy) ක්‍රීඩා වල Graphics සහ gameplay වලට සමානයි.

හැබැයි පිටින් එහෙම පෙනුනට මේකෙ ගේම් ප්ලේ එක හිතනවට වඩා ගැඹුරුයි.

තමන්ගේ ගම්මානය දියුණු කරන ගමන් අනිත් ගම්මාන ආක්‍රමණය කරමින් සහ යුද්ධ කරමින් (Clan Wars) ඉතා සංයමයෙන් සහ අත්දැකීම් එක්ක ඉදිරියට යන්න ඕනෙ ක්‍රීඩාවක් මේක.
තමන් සතු සම්පත් (resources) හරියට කළමණාකරණය කරගන්නා ගමන්ම විවිධ සටන් උපක්‍රම අධ්‍යයනය කරමින් තමයි මේ ගේම් එකේ වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.
ක්‍රීඩාවේ ඉහල ලෙවල් වලට යද්දී ඒවායේ සාර්ථක වීම සඳහා වෙනස්ම සහ අලුත්ම උපාය මාර්ග සොයාගැනීමට සහ හුරුවීමට වීම.
වසරකට කිහිප වතාවක් එන දැවැන්ත Updates වලට අනුව තමන්ගේ ක්‍රීඩා සැලසුම් සකස් කරගන්න වීම
තමන්ගේ ක්‍රීඩාව දියුණු කරගන්න ගමන්ම, කණ්ඩායමක් (Clan) වශයෙන්ද ඉදිරියට යාම ගැන සිත යොමු කරන්න සිදුවීම

මේ වගේ දේවල් වලට හිත යොමු කරගෙන යද්දි තමන් ඉබේටම මේ ගේම් එකේ රසිකයෙක් වෙන එක වලක්වන්න බෑ.

 

2. කොහොමද පටන්ගන්නෙ?

Source – techtudo.com.br
Google Play හරහා මේක බාගත කරගෙන ගේම් එකට ඇතුලු උනාට පස්සෙ තමන්ට හිමි ගම්මානයක් ලැබෙනවා. මෙකෙ නගර ශාලාව (Town Hall) සහ ගස්, ගල් වගේ පොඩි බාධක කිහිපයක් විතරයි මුලින් තියෙන්නේ. ඒත් එක්කම අපිට Gold, Elixir සහ Gems කියන resources යම් ප්‍රමාණයක් හිමි වෙනවා. මේ දේවල් තමයි අපිට අවශ්‍ය ගොඩනැගිලි (buildings) සහ හමුදා (army) වැඩි දියුණු කරන්නට යොදාගන්න වෙන්නෙ. අපේ නගර ශාලාවේ ලෙවල් එක තමයි මේ ක්‍රීඩාවේ අපේ ලෙවල් එක එක හැටියට සලකන්න වෙන්නෙ. ලෙවල් එකෙන් ඉහල යන්න යන්න අලුත් අලුත් buildings, troops සහ resources අපිට හම්බුවෙනව.

හැබැයි පටන් ගත්ත ගමන් මතක තියාගන්න දෙයක් තියනවා. ඒ තමයි මේ මුලින් ලැබෙන ජෙම්ස් පණ වගේ රැකගන්න කියන එක. ගේම් එක පටන් ගනිද්දි අපිව පුහුණ කරන්න පෙන්වන Tutorial එකේදි ජෙම්ස් පාවිච්චි කරන්න පෙන්නුවට ඒව ඒ අවස්ථාවෙදි පාවිච්චි කරන්නෙ එහෙම යන්න එපා.මොකද ජෙම්ස් වලින් කරන්න වැඩ ගොඩක් ඉස්සරහට තියනවා.

 

3. මොනවද මේ Resources? මේවයින් මොනවද කරන්න පුලුවන්?

Source – FB.com
ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වල ප්‍රධාන වශයෙන් resources වර්ග 4ක් තියනවා. ඒ තමයි Gold, Elixir, Dark Elixir සහ Gems. මේ අතරින් Gold තමයි බහුතරයක් building upgradeවලට යොදාගන්නෙ. Elixir මගින් මූලිකවම කෙරෙන්නේ භටයන් (troops) සැදීම සහ ඒ අයගේ මට්ටම වැඩි දියුණු කිරීමටයි. තමන්ගේ Town Hall එක 7 වෙනි ලෙවල් එකට ආවහම තමයි Dark Elixir කියන ඉතාම දුර්ලභ සහ වටිනාකමකින් වැඩි සම්පත හම්බුවෙන්නෙ. මේ Dark Elixir භාවිතයෙන් ඉතාම බලවත් troops ලබාගන්න හැකියාව ලැබෙනවා.

අවසාන වශයෙන් Gems කියන්නෙ මේ ගේම් එකේ තියන වටිනාම සම්පත. මේවා එකතු කරලා තමයි අපේ village එක වැඩි දියුණු කරන්න workersලා මිලදීගන්න වෙන්නෙ (අර මිටියෙන් ගහල ගස් කපන කට්ටිය ;))

 

4. කොහොමද Resource එකතු කරන්නේ?

Source – weneedfun.com
තමන්ගේ Town Hall මට්ටමට අනුව Gold, Elixir, Dark Elixir එකතු කරන ස්ථාන කිහිපයක් අපිට හදන්න පුලුවන්. මේවා upgrade කිරීම මගින් පැයකට එකතු කරන resources ප්‍රමාණය ඉහල නංවාගන්න පුලුවන්. හැබැයි ඉතින් මේවයින් එකතු වෙනකම්ම බලන් හිටියොත් ඉතින් ඉබි ගමනින් තමයි ඉස්සරහට යන්න වෙන්නෙ. ඒකට ඉතින් දෙවැනි සිල්පදේ කඩන්න. ඒ කිවුවෙ අනිත් අයගෙ ගම්මාන වල හොරකමේ යන්න සිද්ද වෙනව. මේකට කියන්නේ Loot ගහනව කියල. Farming කියලත් කියනවා.

Gems නම් ඉතාම දුර්ලභයි. අපේ village එකේ තිබෙන ගස්, ගල් වැනි බාධක ඉවත් කිරීමෙන් දිනකට සුලු Gems ප්‍රමාණයක් හොයාගන්න පුලුවන්. ඊට අමතරව ඉඳහිට අපිට හම්බුවන Gem Box එකතු කිරීමෙන් සහ විවිධ achievements හරහා තමයි අපිට Gems ලැබෙන්නේ.

සල්ලි දීලා Gems මිලදීගන්න හැකියාවක් තිබුණත් එහෙම දේකට යොමුවෙන්න කියල අපි අනුමත කරන්නේ නැහැ. තව Gems දෙනවා කියල තියන අර ලින්ක් මේ ලින්ක් ඔබන්න යන්නත් එපා. තමන්ට ලැබෙන විදිහට හිමින් සැරේ ස්ථාවර ගමනක් යන එක තමයි වඩාත්ම ආතල්.

 

5. අපෙනුත් හොරකම් කරනවද? මොකද ඒකට කරන්නෙ?

Source – pinterest.com
අනිවාර්යෙන්ම ඔව්. සමහර වෙලාවට දවසක මහන්සිය එක ඇටෑක් එකකින් හොරු අරගෙන යනවා.  ඒකට අපේ village base එකේ ආරක්ෂාව තර කරන්න ඕනෙ. තාප්ප (walls) බැඳල සතුරන්ට පහර දෙන defensive building සහ traps නිසි ලෙස ස්ථානගත කිරීමෙන් අපෙන් හොරකම් කරන්න එන අයගෙන් වෙන හානිය අවම කරගන්නටත් ඒ අයගෙ ප්‍රහාර මැඩ පවත්වල trophies දිනාගන්නටත් හැකියාව තියනව.

Defenses හදාගෙන යද්දි සිහි කල්පනාවට ගන්න ඕනෙ තවත් දෙයක් තියනවා. ඒ තමයි තමන්ගේ Town Hall level එකේ උපරිමයට යනකන් Defenses හදාගන්නෙ නැතිව Town Hall level එක ඉහල දමා ගැනීමෙන් වළකින එක. ඒ වගේ කරන අය CoCවල දි හඳුන්වන්නෙ Rushers කියල. එවැනි ක්‍රීඩකයන් ගැන ක්ලෑෂර්ස්ලා අතර එතරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි ඇතිවෙන්නෙ.

 

6. Trophies වලින් මොනවද වෙන්නෙ?

Source – clashofclans.org.ua
තමන් වෙන කෙනෙකුගේ ගම්මානයකට සාර්ථකව පහර දුන්නොත් හරි, තමන්ගේ ගම්මානයට කළ පහරදීමක් සාර්ථකව මැඩ පැවැත්වුවොත් හරි අපට එකතු වන ලකුණු ප්‍රමාණයක් තමයි මේ trophies හැටියට හඳුන්වන්නෙ. මේවා එකතු කරගන්නා ප්‍රමාණ අනුව විවිධ ලීග (Leagues) වලට ඇතුලත් වෙන්න අපිට හැකියාව ලැබෙනවා. සමහර ලීගවලට ඇතුලත් උනාම ඒ දක්ෂතාවයට අපිට Gems විශාල වශයෙන් ලැබෙන අවස්ථාත් තියනවා. ලීග වලින් ඉහලට යද්දි ඇටෑක් වලින් අපිට ලැබෙන bonus resources ප්‍රමාණයත් ක්‍රමයෙන් ඉහල නැංවෙනව.

මේ තියෙන්නේ එක එක trophy ප්‍රමාණ වලට අනුව අපි ඇතුලත් වන ලීගයන් කිහිපයක්. (මෑතකදී හඳුන්වාදෙන ලද legends ලීගය මෙහි නොමැති බව කරුණාවෙන් සලකන්න)

 

7. දැන් එතකොට Trophies සහ  Resources දෙකම එකතු කරන්න ඕනෙද?

Source – idigitaltimes.com, clanguides.wordpress.com
Upgrades සඳහා යොදාගන්න පුලුවන් නිසා trophies වලට වඩා resources වලින් තියන ප්‍රයෝජනය වැඩියි. මේ දෙකම එකට වර්ධනය කරගන්න එක තරමක අමාරු කාර්යයක්. මොකද අපි trophies පස්සෙ ගියොත් ඒව ලබාගන්න අවශ්‍ය ශක්තිමත් army හදන්න resources යහමින් වැය වෙනවා. ඒ නිසා තමන්ට මේ වෙලාවෙ වඩාත්ම අවශ්‍ය දේට අනුව මේ දෙකින් කොයිදේ පසුපස හඹායනවාද කියල තීරණය කරන්න වෙනවා.

තමන්ට Gold සහ Elixir යොදාගෙන කරන්න වැඩ ගොඩක් තියනවානම් ඔබ කලයුත්තේ resources එකතු කිරීමයි. වැඩිපුර චැලෙන්ජ් එකක් අරන් ලීග් අප් වෙලා යාලුවන්ට වැඩ පෙන්නන්න හරි worker කෙනෙක් ගන්න Gem achievement එකක් ලබාගන්න හරි හිතනවනම් trophies පස්සෙ ගියාට කමක් නෑ.

 

8. මේ කොයි දේටත් මැරිලා හරි සප් එක දෙන සෙට් එක හෙවත් Troops

Source – genbulk.com
විවිධ හැකියාවන්ගෙන් යුක්ත Troops වර්ග බොහොමයක් ඉන්නවා. මේ විවිධ troops එකතු කරමින් විවිධ attack strategies ගොඩ නගන්න පුලුවන්. Resources හොරකම් කරන්නටත් දැඩි ආරක්ෂාවකින් යුතු ගම්මානයක් සුනු විසුනු කරන්නටත් විශේෂිත වූ වෙනස් වෙනස් troops combinations සහ attack strategies තියනවා. තමන්ගේ Town Hall මට්ටම අනුව අලුත් අලුත් troops unlock කරගන්න පුලුවන්.

Town Hall 7 සිට ලැබෙන Dark Elixir මගින් නිපදවන්න පුලුවන් Dark Troops සාමාන්‍ය troopsලට වඩා ශක්තියෙන් සහ ප්‍රහාරක හැකියාවන්ගෙන් වැඩි අයයි.

 

9. Heroes

Source – reddit.com
Dark Elixir Troops වලට අමතරව අමරණීය Heroesලා හැටියට Barbarian King, Archer Queen සහ Grand Warden යන අයව ඔබේ Town Hall මට්ටමට අනුව ලබාගන්න පුලුවන්. මේ අය අනිත් troopsවලට සාපේක්ෂව වැඩි ශක්තියකින් හෙබි අයයි. ඒ අය සතු සුවවීමේ (healing) හැකියාව නිසා මේ අය සටනකින් ඇදවැටුනු පළියට මැරෙන්නේ නැහැ.

 

10. Troops, Heroes  විතරක් තිබ්බට මදි

හොඳ හමුදාවක් හදාගත්ත පළියටම සටනක් ජයග්‍රහණය කරන්න අමාරුයි. ඒ සඳහා උදවුවෙන තව දෙයක් තියනවා. ඒ තමයි Spells! මේවයින් කරන්නෙ සටන් වදින හමුදාවන්ට අමතර වාසියක් සැපයීමයි, ඊට අමතරව සතුරන්ට හානි කරන්න සමත් Spells තියනවා. Elixir සහ Dark Elixir භාවිතයෙන් තමයි මේ Spells හදන්නෙ.

 

11. ලොකුම ආතල් එක හෙවත් Clan Wars

Source – filechoco.com
හම්මේ මෙතනට එන්න මෙච්චර වෙලා ගියෙ මොකද මන්දා? මේක තමයි Clash of Clans ගේම් එකේ අග්‍ර ඵලය, ආතල්ම සීන් එක සහ ඇබ්බැහිවෙන මත් ද්‍රව්‍යය!

මේ Clan Wars කියන අංගය ක්ලෑෂ් ගේම් එකේ මුලදි තිබිල නෑ. තනි තනියෙන් තමන්ගේ Villages හදාගෙන තමයි ඉන්න තිබිල තියෙන්නෙ. සමහරු අහලත් තියනවා Clash of Clans කිවුවට මේකෙ ක්ලෑන්ස් හැප්පෙන්නෙ නැත්තෙ මොකෝ කියල. කොහොමින් හරි 2014 වසරේදි තමයි මේ ගේම් එකට Clan Wars ඇතුළත් කරල තියෙන්නෙ. එදා ඉඳන් ඉතින් ලෝකෙ පුරා ක්ලෑෂර්ස්ලට ආපසු හැරී බැලිල්ලක් නෑ. යුද්ධ වල ඉවරෙකුත් නෑ.

 

12. කොහොමද Clan War ගහන්නෙ?

Source – athavansrilanka.com
මෙහෙමයි, මුලින්ම තමන්ගෙ village එකේ තියන Clan Castle එක හරහා search කිරීමෙන් තමන්ට ගැලපෙන clan එකකට ඇතුලත් වෙන්න පුලුවන්. Clan එකක් කියන්නෙ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ක්‍රීඩා කරන ක්‍රීඩකයො පිරිසක් කණ්ඩායමක් හැටියට එකතුවන තැනක්. Clan War එකක් ආරම්භ කරන්න අවම වශයෙන් Clan එකක 10 දෙනෙකුවත් සිටිය යුතු වෙනවා. Clan එකේ නායකයාට හෝ උප නායකයන්ට පුලුවන් war එකක් අරඹන්න. එතකොට ලෝකය පුරා ඇති විවිධ clan අතුරින් අපේ clan එකට සමාන clan එකක් ගැලපී Clan War එකක් ආරම්භ වෙනවා.

ප්‍රතිවාදී clan එකක් ලැබුණු පසු කණ්ඩායම් දෙකට එකිනෙකාගේ ක්‍රීඩකයින්ව අධ්‍යයනය කරල තමන්ගෙ යුධ උපක්‍රම සකස් කරන්න පැය 23ක කාලයක් දෙනවා. පැය 23කින් පසුව Battle Day හෙවත් සටන් දිනය උදාවන අතර කළින් සැලසුම් කරගත් ආකාරයට එකිනෙකාගේ යුධ කඳවුරු වලට පහර දිය යුතු වනවා.

හැම ක්‍රීඩකයෙකුටම පහරදීමේ අවස්ථා දෙකක් හිමි වන අතර පැය 24කින් නිමවන සටනේදී වැඩිම තරු (Stars) ප්‍රමාණය හිමි කරගන්නා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. තරු සම වන අවස්ථාවකදී වැඩිම හානිය (% of destruction) සිදුකරන ලද කණ්ඩායමට ජය හිමි වෙනවා.

 

13. Stars ලැබෙන ආකාරය

Source – nerdist.com
සටනකදී අපට ලබාගත හැකි උපරිම තරු සංඛ්‍යාව වන්නේ 3ක්. ප්‍රතිවාදී ක්‍රීඩකයෙක්ගේ Town Hall එක විනාශ කිරීමේදී 1 තරුවක් හිමි වන අතර 50%කට වඩා හානියක් කිරීමේදී තව තරුවක් හිමි වනවා. තරු 3ම ලබා ගැනීමට නම් ප්‍රතිවාදී කඳවුර සම්පූර්ණයෙන් විනාශ කල යුතු වෙනවා.

 

14. Clan එක දියුණු කිරීම

Source – imgflip.com
තමන්ගෙම ක්ලෑන් එකක් හදාගෙන යාලුවො එකතු කරගෙන හරි වෙන ක්ලෑන් එකකට සම්බන්ධ වෙලා හරි Clan War ක්‍රීඩා කරන්න පුලුවන්. Clan War වල සාර්ථකත්වය අනුව අපේ clan එකටද ලකුණු හිමි වෙනවා. මේ අනුව clan එකේ මට්ටමද ඉහල යනවා.

තමන්ගෙ clan එක නිතරම war දිනන ඉහල ලෙවල් Clan එකක් බවට පත් කරගන්නනම් අනිවාර්යෙන් දැඩි තීරණ ගන්න වෙනවා. හොඳ සැලසුමකට War ක්‍රීඩා කිරීම, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන පුද්ගලයන්ව Clan එකෙන් නෙරපීම (Kick out)  වගේම අනිකුත් ක්‍රීඩකයන්ගේ දුර්වලතා අඩුපාඩු හදාගැනීමට උදවු කිරීමත් වැදගත් වෙනවා.

ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නෙ මොලේ වෙහෙසල ක්‍රීඩා කරල හොඳම විනෝදයක් ලබන්න පුලුවන් ගේම් එකක්. මේ සුපිරි ගේම් එක තමන්ගේ පෞද්ගලික ජීවිතය එක්ක පටලවාගන්නේ නැතිව සමගියෙන් සමාදානයෙන් ක්‍රීඩා කිරීමෙන් උපරිම වින්දනය ලබන්න කියල තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ..

එහෙනම් ගේම් එක ගහන හැමෝටමයි. ඇබ්බැහි වෙන්න ඉන්න හැමෝටමයි clash on!!!

 මල්ලිලා comment එකකුත් දාගෙනම යන්න හොඩේ.......

Posted by; Lomika Dilan

 

Read More

Apple i phone 7 සහ 7 plus හන්දුන්වාදෙයි

Introducing Apple iPhone 7

ඇපල් අයිෆෝන් 7 සහ 7 Plus නිකුත්වෙයි

ඇපල් අයිෆෝන් වලට ආදරය කරන සියළුදෙනාට ගිය බදදා රාත්‍රිය ඉතාමත් විශේෂයි.  

ඒ මෙම වසරේ ඇපල් සමාගම විසින් නිකුත් කරන නව ස්මාර්ට් ජංගම දුරකතනය විශේෂ සජීවී වැඩ සටහනක් මගින් හදුන්වාදීමයි.

  මොනවද අලුතෙන් අයිෆොන් 7 හි ඇතුලත් වෙන්නේ ?

*අයිෆොන් 7 Plus වලදී පිටුපස 12 Mp කැමරා දෙකක් ඇතුලත් අතර එකක් Telephoto කැමරා ලෙන්ස් එකකි. ඉදිරිපස සෙල්ෆි ගැනීමට7 MP කැමරාවක්ද ඇතුලත් වෙනවා.  ඒ අනුව telephotoකැමරා ලෙන්ස් එක මාර්ගයෙන්10x zoom කොට ඡායාරූප ඉතා පැහැදිලිව ලබාගත හැක. එමෙන්ම DSLR කැමරාවල පැමිණෙන පුද්ගල ඡායාරූප ගැනීමේදී පිටුපස බොඳ වන තාක්ෂණය පළමුවරට ජංගම දුරකතනයක් සඳහා හඳුන්වා දීමට ඇපල් සමාගමට හැකිව තිබේ.

*අයිෆෝන් 6S වලට වඩා වැඩි කාලයක් පවතින බැටරිය.

*රැහැන් රහිත AirPods 2ක් හදුන්වාදීම.
( මෙය ආරෝපණයෙන් පසු පැය 5 ක කාලයක් ක්‍රියාත්මක වේ )

*3.5mm Audio Jack port එක අයිෆෝන් 7 සහ 7 Plus වලදී දක්නට නොලැබෙයි. Ear Phoneසම්බන්ධ කරන්නේ Data Cable Port එකටමයි. ඒ සදහා විශේෂAudio Cable එකක් හදුන්වාදී තිබෙනවා.

*Four-Core ප්‍රොසෙසරයක් සහ A10චිප් සෙට් එකක් අඩංගු වෙනවා.6s වලට වඩා 40% ක් වේගවත්ය. තවද මෙහි විශේෂත්වය වන්නේ ඉතාම මෙය ක්‍රියාත්මක වීම සඳහා ඉතාම අඩු බැටරි බලයක් අවශ්‍ය වීමයි.අයිෆෝන් 6s හි තිබු රෙටිනා HDතිරයේ දීප්තිය 25% වැඩිකොට තිබේ.අයි ෆෝන් 7 හි ධාරිතාවය දෙගුණ කොට තිබේ. ඒ අනුව දැන් ඔබට අයි ෆෝන් 7 මිලදිගනු හැක්කේ32gb, 128gb, 256gb යන ධාරිතා වලිනි.නව අයි ෆෝන් 7 ජලයට හා දූවිල්ලට ඔරොත්තු දේ.ඇපල් අයි ෆෝන් නව හෝම් බටනය දැන් Tapatic Engine එකක් සමග පැමිණේ. ඒ අනුව වෙනදාටත් වඩා වැඩි කාර්යන් කොටසක් සඳහා හෝම් බටනය සකසා ගත හැක.

අයිෆෝන් 7 ලෝක වෙළඳපොල තුල$649 ක් ද iPhone 7 Plus $769 ලෙස ඇපල් වෙබ් අඩවිය විසින් දක්වා තිබෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.

Posted by; <<ලොමික ඩිලාන්>>

Read More

Services

More Services

Join us on Facebook

Please wait..10 Secofrands Close
© 2014 අපි TEKKO. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.